- වාර්ෂිකව ඒකක මිල ගණන් ලේඛනය සැකසීම.
- වාස්තු විද්‍යාත්මක නිර්මාණ සහ සැලසුම් සකස් කිරීම.
- ව්‍යුහගත නිර්මාණ හා සැලසුම් සකස් කිරීම.
- ගොඩනැගිලි සේවා නිර්මාණ හා සැලසුම් සකස් කිරීම.
- මූලික ඇස්තමේන්තු සැකසීම.
- ප්‍රසම්පාදන ලියවිලි සැකසීම හා ප්‍රසම්පාදන කටයුතු කළමනාකරණය කිරීම.
- ඉදිකිරීම් අධීක්ෂණය හා බිල්පත් පරීක්ෂාව.
- කොන්ත්‍රාත් පරිපාලනය හා උපදේශාත්මක සේවා සැපයීම.
- ඉදිකිරීම් අමුද්‍රව්‍යය හා ඉදිකිරීම් තත්ත්ව පාලන කටයුතු.
- පළාත් සභාවේ සියලුම ආයතන සඳහා තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට අදාලව තාක්ෂණික සහය ලබා දීම.
- පළාත් සභාව සතු ගොඩනැගිලි වල නඩත්තු කටයුතු සිදු කිරීම.
- පළාත් සභාව සතු සියලු වාහන වල නඩත්තු කටයුතු සිදු කිරීම.
- මධ්‍යම රජයේ අරමුදල් මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉදිකිරීම් හා නඩත්තුවට අදාල ඉංජිනේරුමය කාර්ය සිදු කිරීම.
- ඉංජිනේරු හා තාක්ෂණික පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා දීම.
- ඉංජිනේරු සේවයේ නවක නිලධාරින්ට පූර්ණ වෘත්තීය සුදුසුකම් සඳහා නිර්මාණ පුහුණුව(වරලත් ඉංජිනේරු පුහුණුව) ලබා දීම.
- තාක්ෂණික නිලධාරීන් හා කොන්ත්‍රාත් ආයතන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
