ප්‍රධාන කාර්යයන්

  • වාර්ෂිකව ඒකක මිල ගණන් ලේඛනය සැකසීම.
  • වාස්තු විද්‍යාත්මක නිර්මාණ සහ සැලසුම් සකස් කිරීම.
  • ව්‍යුහගත නිර්මාණ හා සැලසුම් සකස් කිරීම.
  • ගොඩනැගිලි සේවා නිර්මාණ හා සැලසුම් සකස් කිරීම.
  • මූලික ඇස්තමේන්තු සැකසීම.
  • ප්‍රසම්පාදන ලියවිලි සැකසීම හා ප්‍රසම්පාදන කටයුතු කළමනාකරණය කිරීම.
  • ඉදිකිරීම් අධීක්ෂණය හා බිල්පත් පරීක්ෂාව.
  • කොන්ත්‍රාත් පරිපාලනය හා උපදේශාත්මක සේවා සැපයීම.
  • ඉදිකිරීම් අමුද්‍රව්‍යය හා ඉදිකිරීම් තත්ත්ව පාලන කටයුතු.
  • පළාත් සභාවේ සියලුම ආයතන සඳහා තාක්ෂණික මෙවලම් මිලදී ගැනීමට අදාලව තාක්ෂණික සහය ලබා දීම.
  • පළාත් සභාව සතු ගොඩනැගිලි වල නඩත්තු කටයුතු සිදු කිරීම.
  • පළාත් සභාව සතු සියලු වාහන වල නඩත්තු කටයුතු සිදු කිරීම.
  • මධ්‍යම රජයේ අරමුදල් මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉදිකිරීම් හා නඩත්තුවට අදාල ඉංජිනේරුමය කාර්ය සිදු කිරීම.
  • ඉංජිනේරු හා තාක්ෂණික පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා දීම.
  • ඉංජිනේරු සේවයේ නවක නිලධාරින්ට පූර්ණ වෘත්තීය සුදුසුකම් සඳහා නිර්මාණ පුහුණුව(වරලත් ඉංජිනේරු පුහුණුව) ලබා දීම.
  • තාක්ෂණික නිලධාරීන් හා කොන්ත්‍රාත් ආයතන සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.