ගොඩනැගිලි අංශය

ඉංජි. ඩී.එම්.යු.එස්.බී.දිසානායක

අධ්‍යක්ෂ (ගොඩනැගිලි)

අධ්‍යක්ෂ කාර්යාලය

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

උතුරු මැද පළාත

ඉදිකිරීම් අංශය –

ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාල ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම, කොන්ත්‍රාත් පරිපාලනය වාර්ෂික මිල ලේඛනය සකස් කිරීම ඉදිකිරීම් අංශයේ ප්‍රධාන කාර්යයන් වේ.

සැලසුම් අංශය මඟින් සකස් කරනු ලබන වාස්තු විද්‍යාත්මක අනුමත ව්‍යුහගත සැලසුම්වලට අනුකූලව, එම සැලසුම් අවසාන නිමවුමක් බවට පත්කිරීමට අවශ්‍ය සියලු අයිතමයන් හදුනාගෙන එක් එක් අයිතමයන් සඳහා ප්‍රමාණ ගණනය කරනු ලැබේ. එම සියලු අයිතමයන් ඇතුලත්කර ඇස්තමේන්තු සකස් කරනු ලැබේ.

ව්‍යාපෘති ඇස්තමේන්තු මිල ගණන් අනුව නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරනු ලැබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවීම මඟින් සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම සිදුකරනු ලබයි.

ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාලව කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුම්ගතවීමෙන් අනතුරුව ගිවිසුම් ප්‍රකාරව ඉදිකිරීම් කටයුතු ඉටුකර ගැනීමට අදාල කොන්ත්‍රාත් පරිපාලනය අධීක්ෂනය කිරීම ප්‍රගතිය යාවත්කාලීන කිරීම හා අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම ඉදිකිරීම් අංශය මඟින් ඉටුකරනු ලබයි.

උතුරු මැද පළාත තුල සියලු ඉදිකිරීම් ඇස්තමේන්තු සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන වාර්ෂික මිල ලේඛනය සකස් කිරීම ඉදිකිරීම් අංශයේ ප්‍රධාන කාර්යයකි. අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික් මිල කමිටු වාර්තා පදනම් කරගනිමින් මූලික ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා වන මිල ගණන් තීරණය කරනු ලබයි. ඉදිකිරීම සඳහා අවශ්‍යවන අනෙකුත් සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා පළාත තුල පිහිටි වෙළෙද හා නිෂ්පාදන ආයතන මෙන්ම දිවයිනේ අනෙකුත් නිෂ්පාදන ආයතන මෙහිදී මිල ගණන් කැඳවා සුදුසු මිල ගණන් තිරණය කරනු ලැබේ.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරුවරුන්, විදුලි ඉංජිනේරුවරුන්, ගොඩනැගිලි සේවා ඉංජිනේරුවරුන්, වාස්තු විද්‍යාඥවරුන්, ප්‍රමාණ සමික්ෂණවරුන්, තාක්ෂණ නිළධාරින්, සැලසුම් ශිල්පීන්ගේ සමන්විත කමිටුවක් මඟින් ඉහත මිල ගණන් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබයි.