අප ගැන

_

අප ගැන

1996 වර්ෂයේ දී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) කාර්යාලය, පළත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පිහිටවන ලදී. මෙහි කාර්ය මණ්ඩලය ලෙස නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු), සිවිල් ඉංජිනේරුවන් දෙදෙනෙකු, එක් කාර්මික නිලධාරියෙකු, එක් සැලසුම්ශිල්පියෙකු, එක් ලිපිකරුවෙකු සහ රියදුරෙකු සමඟ කාර්යාල සහයෙකුගෙන් සමන්විත විය.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) කාර්යාලය පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හැර අනෙකුත් සියලුම පළාත් දෙපාර්තමේන්තු යටතේ වන සිවිල් ඉදිකිරීම් කටයුතු සඳහා වගකිව යුතු විය.

1999 වර්ෂයේ දී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වැඩ ශාඛාව ඒකාබද්ධ කරමින් පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ප්‍රධාන කාර්යාලය අනුරාධපුර මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටුවා තිබිණි. මෙහි ප්‍රාදේශීය නිලධාරින්, අනුරාධපුරයට හය දෙනෙකු සහ පොලොන්නරුවට දෙදෙනෙකු වශයෙන් සිටි අතර පලාත් සභා පරිපාලනය යටතේ ඇති සියළුම ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සහ වාරිමාර්ග පුනරුත්තාපන කටයුතු සඳහා පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව වගකිව යුතු විය.