උතුරු මැද පළාත් සභාවේ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුල යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය ස්ථාපිත කර ඇත. මෙම යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය යටතේ විශාල කර්යභාරයන් ප්‍රමාණයක් වාර්ෂිකව ඉටු කරනු ලැබේ. (වසරකට සිදු කරන පරික්ෂාවන් සහ වාර්තා සකස් කර නිකුත් කිරිම් 1000-1300 අතර ප්‍රමාණයක් වේ. )
උතුරු මැද පළාත් සභාවේ යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් මනාව අධික්ෂණය කිරිමටත් එම කාර්යයන් ගුණාත්මක භාවයෙන් යුක්තව සිදු කර ගැනිමටත් මෙම යාන්ත්‍රික ඉංජිනේරුමය අධීක්ෂණය මනා පිටුවහලක් වී ඇත.
යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය යටතේ සිදු කරන කාර්යභාරයන්
- වාහන හා යන්ත්‍රෝපකරණ වල සිදුකරනු ලබන අලුත්වැඩියාවන් හා සේවාවන් පිළිබඳ නිර්දේශ ලබා දිම හා අධීක්ෂණ කටයුතු සිදු කිරිම.
- යාන්ත්‍රික ක්ෂේත්‍රයේ මිලදි ගැනිම් වලට, වැඩ සහ සේවා වලට අදාලව පිරිවිතර සකස් කිරිම, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරිම, තාක්ෂණ කමිටු වාර්තා සැකසිම. (වායු සමිකරණ යන්ත්‍ර, ජෙනරේටර්, වතුර පොම්ප, ශීතකරණ, ජල පිරිපහදු පද්ධති ආදි)
- වාහන හා යන්ත්‍රෝපකරණ වල අපහරණ කටයුතු වලට අදාල වාර්තා සැකසිම, තක්සේරු වාර්තා සැකසිම
- රථවාහන අනතුරු පරික්ෂාව හා ඇස්තමේන්තු වාර්තා සකස් කිරිම.
- යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් සදහා අවශ්‍ය උපදේශන සේවාවන් සිදු කිරිම හා එම කාර්යයන් අධීක්ෂණය
- ඡායා පිටපත් යන්ත්‍රයන් පරිඝණක යන්ත්‍රයන් ඇතුලු ඉලෙක්ට්‍රෙනික උපකරණ සේවා හා අලුත්වැඩියාවන් සදහා නිර්දේශ ලබා දිම සහ අධීක්ෂණය කටයුතු සිදු කිරිම.
- යාන්ත්‍රික ඉංජිනේරුමය කටයුතු වලට අදාල පුහුණු වැඩසටහන් පිළියෙල කිරිම, අදාල පුහුණු ආධාරක ලියවිලි සැකසිම හා වැඩසටහන් පැවැත්විම.
රාජකාරි ආවරණ පරාසය යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය මගින් සේවාව ලබා ගන්නා ආයතන පහත පරිදි වේ.
- ප්‍රධාන ලේකම් කාර්යාලය
- සභා ලේකම් කාර්යාලය
- සියලුම අමාත්‍යාංශ
- සියලුම දෙපාර්තමේන්තු
- පළාත් සභාව සතු අධිකාරි ආයතන
- පළාත් පාලන ආයතනය සතු සියළුම ප්‍රාදේශිය සභාවන්
- මධ්‍යම රජයට අයත් දෙපාර්තමේන්තු
යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ කාර්ය මණ්ඩලය
ඉංජි.බී.ඒ නිරන්ජන් ධනපාල මයා
ප්‍රධාන ඉංජිනේරු (තාක්ෂණ)
ඉංජි. ඩබ්.එච්.හපුආරච්චි මයා
යාන්ත්‍රික ඉංජිනේරු
යාන්ත්‍රික තාක්ෂණ නිලධාරී – ඩී.එම්. එස්. ටී .බී සේනාරත්න මයා
කළමණාකාර සේවා නිලධාරි – ඉමාෂා සදමාලී මිය
