යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය

 උතුරු මැද පළාත් සභාවේ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුල යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය ස්ථාපිත කර ඇත. මෙම යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය යටතේ විශාල කර්යභාරයන් ප්‍රමාණයක් වාර්ෂිකව ඉටු කරනු ලැබේ. (වසරකට සිදු කරන පරික්ෂාවන් සහ වාර්තා සකස් කර නිකුත් කිරිම් 1000-1300 අතර ප්‍රමාණයක් වේ. )

උතුරු මැද පළාත් සභාවේ යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් මනාව අධික්ෂණය කිරිමටත් එම කාර්යයන් ගුණාත්මක භාවයෙන් යුක්තව සිදු කර ගැනිමටත් මෙම යාන්ත්‍රික ඉංජිනේරුමය අධීක්ෂණය මනා පිටුවහලක් වී ඇත.

යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය යටතේ සිදු කරන කාර්යභාරයන්

  •  වාහන හා යන්ත්‍රෝපකරණ වල සිදුකරනු ලබන අලුත්වැඩියාවන් හා සේවාවන් පිළිබඳ නිර්දේශ ලබා දිම හා අධීක්ෂණ කටයුතු සිදු කිරිම.
  • යාන්ත්‍රික ක්ෂේත්‍රයේ මිලදි ගැනිම් වලට, වැඩ සහ සේවා වලට අදාලව පිරිවිතර සකස් කිරිම, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරිම, තාක්ෂණ කමිටු වාර්තා සැකසිම. (වායු සමිකරණ යන්ත්‍ර, ජෙනරේටර්, වතුර පොම්ප, ශීතකරණ, ජල පිරිපහදු පද්ධති ආදි)
  • වාහන හා යන්ත්‍රෝපකරණ වල අපහරණ කටයුතු වලට අදාල වාර්තා සැකසිම, තක්සේරු වාර්තා සැකසිම
  • රථවාහන අනතුරු පරික්ෂාව හා ඇස්තමේන්තු වාර්තා සකස් කිරිම.
  • යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් සදහා අවශ්‍ය උපදේශන සේවාවන් සිදු කිරිම හා එම කාර්යයන් අධීක්ෂණය
  • ඡායා පිටපත් යන්ත්‍රයන් පරිඝණක යන්ත්‍රයන් ඇතුලු ඉලෙක්ට්‍රෙනික උපකරණ සේවා හා අලුත්වැඩියාවන් සදහා නිර්දේශ ලබා දිම සහ අධීක්ෂණය කටයුතු සිදු කිරිම.
  • යාන්ත්‍රික ඉංජිනේරුමය කටයුතු වලට අදාල පුහුණු වැඩසටහන් පිළියෙල කිරිම, අදාල පුහුණු ආධාරක ලියවිලි සැකසිම හා වැඩසටහන් පැවැත්විම.

රාජකාරි ආවරණ පරාසය

 යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය මගින් සේවාව ලබා ගන්නා ආයතන පහත පරිදි වේ.

  1. ප්‍රධාන ලේකම් කාර්යාලය
  2. සභා ලේකම් කාර්යාලය
  3. සියලුම අමාත්‍යාංශ
  4. සියලුම දෙපාර්තමේන්තු
  5. පළාත් සභාව සතු අධිකාරි ආයතන
  6. ‌පළාත් පාලන ආයතන සහ පහත සඳහන් ප්‍රාදේශිය සභාවන්

                 i.   මනුප ප්‍රාදේශිය සභාව

       ii.   තිරප්පනේ ප්‍රාදේශිය සභාව

                iii.   ලංකාපුර ප්‍රාදේශීය සභාව

                iv.   ගල්නෑව ප්‍රාදේශීය සභාව

                  v.    නොච්චියාගම ප්‍රාදේශිය සභාව

                vi.    පලාගල ප්‍රාදේශිය සභාව

              vii.    හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාව

            viii.     මිහින්තලේ ප්‍රාදේශිය සභාව

                ix.   පොළොන්නරුව ප්‍රාදේශිය සභාව

                   x.  නැනුප ප්‍රාදේශිය සභාව

                xi.    මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව

              xii.     කැකිරාව ප්‍රාදේශිය සභාව

            xiii.     රාජාංගනය ප්‍රාදේශිය සභාව

            xiv.     ඉපලෝගම ප්‍රාදේශීය සභාව

               xv.   තලාව ප්‍රාදේශිය සභාව

             7. පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය – ගොඩනැගිලි සේවා හා නඩත්තු ඒකකය

  1. කොරකහවැව පුහුණු ආයතනය හා සම්මන්ත්‍රණ ශාලාව – ගොඩනැගිලි සේවා හා නඩත්තු ඒකකය
  • පළාත් ‍සභාවට අයත් නොවන නමුත්, සේවාවන් ලබා ගන්නා ආයතන
  1. සුරාබදු දෙපාර්තමේන්තුව
  2. අධිකරණ දෙපාර්තමේන්තුව
  3. ඉඩම් දෙපාර්තමේන්තුව
  4. ජේතවන ව්‍යාපෘතිය
  5. අභයගිරි ව්‍යාපෘතිය
  6. මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  7. පොළොන්නරුව දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය

ඉදිරියේදි සිදු කිරිමට යෝජිත යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය මගින් සැලසුම් කර ඇති ව්‍යාපෘති

  1. උතුරු මැද පළාත් සභාවේ යාන්ත්‍රික කටයුතු(මිලදි ගැනිම, අලුත්වැඩියාවන් හා සේවා කිරිම ආදී) සිදු කිරිම ආවරණය වන පරිදි අත් පොතක් සකස් කිරිම.
  2. එම අත් පොතට අදාලව පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම.
  3. උතුරු මැද පළාත තුල දී නිර්මාණය කරන යාන්ත්‍රික උපකරණ 12ක් සදහා (ටේලර්, තණකොල කපන යන්ත්‍ර, මැටි අඹරණ යන්ත්‍ර, වතුර බවුසර ආදි) පරිපුර්ණ පිරිවිතර සකස් කිරිම(3D Drawing & Full Detail Specifications)
  4. මුලිකවම පවත්වාගෙන යන යාන්ත්‍රික පද්ධතින් සඳහා තත්ත්ව වාර්තාවන් නිකුත් කිරිම(Condition Reports)
      • සාමාන්‍ය ගොඩනැගිලි වල පවතින විදුලි වයරිම
      • පොම්පාගාරයන්
      • ජෙනරේටර
      • වායුසමීකරණ පද්ධති
      • ජල පිරිපහදු පද්ධති

නිලධාරි මණ්ඩලය

ඉංජි. ඩබ්.එච්.හපුආරච්චි මයා

යාන්ත්‍රික ඉංජිනේරු

071-8143793

කේ.එම්.අමල් කරුණාරත්න මයා – යාන්ත්‍රික තාක්ෂණ නිලධාරි

එච්.එල්.අයි.සදමාලි රෝහන මිය – කළමණාකරණ සේවා නිලධාරි