සැලසුම් අංශය

ඉංජි. ඩී.එල්.බී.පී.විජේසේකර

අධ්‍යක්ෂ (සැලසුම් හා පුහුණු)

අධ්‍යක්ෂ කාර්යාලය

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

උතුරු මැද පළාත

ඉංජි. එම්.අයි.ඩී.මුතුකුමාරණ

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ගොඩනැගිලි සැලසුම්)

අධ්‍යක්ෂ කාර්යාලය

පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

උතුරු මැද පළාත

සැලසුම් අංශය –

උතුරු මැද පළාත්, පළාත තුළ ඉදිවන භෞතික ඉදිකිරිම් ගුණාත්මක හා ජනහිතකාමි ලෙස නවීන තාක්ෂණය භාවිතයෙන් ප්‍රශස්ත ලෙස සැලසුම් කිරිම හා ඉදිකිරිම් අධීක්ෂණය කිරිම පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ මුලික අරමුණු වේ.

පළාත් සභාව තුල පිහිටා ඇති සියලූම දෙපාර්තමේන්තුවල ඉදිකිරිම් අවශ්‍යතාවය පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු)වෙත ලැබීමෙන් පසු අපගේ කාර්යභාරය ආරම්භ වේ.

සේවාදායකයාගේ අවශ්‍යතාවය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) විසින්, අධ්‍යක්ෂ (සැලසුම් ) වෙත ලබාදීමෙන් පසු අදාල වාස්තු විද්‍යාඥයා වෙත යොමු කෙරේ.

මිනින්දෝරු සැලැස්ම සහ ඉල්ලීම් ලැයිස්තුව ලබාගැනීමෙන් අනතුරුව, වාස්තු විද්‍යාඥ ඉන් අනතුරුව සේවා දායකයාගේ ඉල්ලීම් ලැයිස්තුව අධ්‍යයනය කොට වාස්තු විද්‍යාත්මක අවකාශ ලැයිස්තුවක් නිර්මාණය කරන අතර, එය සැලසුම්කරණයේ මූලික අදියර වේ. පසුව අනුමත කරන ලද අවකාශ ලැයිස්තුව උපයෝගී කරගෙන යෝජිත බිමෙහි නිර්මිත පරිසරයක් බිහිකිරිම වාස්තු විද්‍යාඥයා මගින් කරන ලද ක්ෂේත්‍ර පරික්ෂණ එකක් හෝ කීහිපයක් මගින් සිදු කරයි. සංකල්පමය රූප තාත්වීකරණය කරමින් වාස්තු විද්‍යාඥයා විසින් සිදුකරනු ලබන මුලික සැලසුම් ඉනික්බිති සේවාදායකයාගේ අනුමැතිය සඳහා යොමුකරන අතර වාර කිහිපයක් කරන ලද සංශෝධන මගින් සේවාදායකයා තෘප්තිමත් වනතුරු සැලසුම් සංවර්ධනය කර අවසානයේ දී අනුමත වූ සැලසුම සබැඳි අනෙකුත් අංශ වන ව්‍යුහගත සැලසුම්/ විදුලි සැලසුම් හා ගොඩනැගිලි සේවා සැලසුම් වෙත යොමු කෙරේ.

වාස්තු විද්‍යාත්මක සැලසුම් නිමකිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ලක ව්‍යුහගත සැලසුම් සිදුකිරීම ආරම්භ වේ. මෙහිදී, ගොඩනැගිල්ලේ එක් එක් කොටසේ භාවිතය හා වාස්තු විද්‍යාත්මක අවකාශ පිළිබද විශේෂ අවධානය යොමු කරමින් මූලික ව්‍යුහගත සැලසුම් සකස් කරදීම ප්‍රථමයෙන්ම සිදු කෙරේ.

මීට සමගාමීව ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත භූමිය පරික්ෂා කර බලා, ගොඩනැගිල්ලේ විශාලත්වය හා මහල් ගණන අනුව සුදුසු පාංශු පරික්ෂාවක් සිදු කරගනු ලැබේ. මෙමගින් අදාල ගොඩනැගිල්ලට වඩාත්ම සුදුසු අත්තිවාරම් වර්ගයක් භූමියට ගැලපෙන අයුරින් යොදා ගැනීමේ අවකාශ සැලසේ.

අනතුරුව, ගොඩනැගිල්ල මත යෙදෙන සියලූම බලයන් සැලකිල්ලට ගනිමින්, එහි ව්‍යුහයේ ක්‍රියාකාරිත්වය පරිගණක මෘදුකාංගයක් මගින් අධ්‍යයනය කරනු ලබන අතර, පසුව එක් එක් ව්‍යුහගත අංගයන් ගණනය කිරීම මගින් සැලසුම් කර නිමකරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර සැලසුම් නිර්ණායන් වලට අනුකූලව ඉතාමත් ආරක්ෂිත, ස්ථායි හා ප්‍රශස්ත ලෙස සිදුකිරීම ව්‍යුහගත සැලසුම් අංශය මගින් සිදු කරයි.

වාස්තු විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද සැලසුම්වලට අනුකූලව දළ විදුලි සැලසුම් සකස් කිරීම විදුලි ඉංජිනේරු විසින් ඉටුකරනු ලබයි. දළ විදුලි සැලසුම් හා ගොඩනැගිලි සේවා ඉංජිනේරු වෙතින් ලබාගන්නා ලද වායු සමීකරණ අවශ්‍යතාවය සලකා බලා ගණනය කිරීම් සිදුකොට ගොඩනැගිල්ලේ අවශ්‍යතාවයන් ප්‍රශස්ත ලෙස ඉටුකර ගැනීමට අදාල විදුලි පරිපථ සැලසුම් ඇදීම විදුලි ඉංජිනේරුගේ කාර්යභාර්යන් අතර මුල් තැන ගනී. මෙහි දී විදුලි අනතුරු සිදු නොවන ලෙස හා සේවාදායකයා තෘප්තිමත් වන ලෙස සැලසුම් ඉදිරිපත් කිරීම ප්‍රධාන අවශ්‍යතාවයකි. ඉදිකිරීම් කටයුතු අතරතුර නිරික්ෂණ කටයුතු සිදුකිරීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරනු ලැබේ. පරිපථ ඇදීම සිදුකිරීමෙන් අනතුරුව පරිපථ සක්‍රීය කර නිවැරදි ලෙස හා අදාල සම්මතයන්ට අනුකූලව රැහැන් ඇදීමේ කර්තව්‍යය ඉටුකොට ඇතිදැයි පරික්ෂා කිරීම සිදුකරනු ලැබේ.