පුවත්

2023-11-23 වන දින වව්නියාව කාර්මික විද්‍යාලයේ සැලසුම්ශිල්පී (ඩිප්ලෝමා) පාඨමාලාව හදාරන සිසු සිසුවියන් අප දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඔවුන්ගේ අරමුණ වූයේ නිවැරදිව සැකසු සැලසුම් කාර්යාලයක අංග, සැලසුම්පත් තැන්පත් කර ඇති ආකාරය, සැලසුම්පත් සඳහා අංක ලබා දෙන ආකාරය, සැලසුම්පත් ඉදිකිරීම් වැඩ බිම් වෙත ලබා දෙන ආකාරය ආදී කරුණු පිළිබඳ දැනුවත් වීමයී.

ඒ අනුව අධ්‍යක්ෂ(සැලසුම් හා පුහුණු) තුමියගේ මග පෙන්වීම යටතේ අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් එක්ව ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු සලස්වන ලදී.